BREAKING NEWS
Search

ගල්කිස්ස පොලිස් අධිකාරී කාර්යාලයේ ගින්නක්

78

ගල්කිස්ස  කොට්ඨාසයේ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ගොඩනැගිල්ලේ  පහත මහලේ පිහිටි පොලිස් අධිකාරී (එක) කාර්යාලයේ හදිසියේ ඇතිවූ ගින්නකින් එහි දේපළ රැසකට හානි සිදුවී ඇත .

ගින්න හටගන්නා අවස්ථාවේදී පොලිස් අධිකාරි රොහන් පුෂ්ප කුමාර මහතා කාර්යාලය තුළ සිට නැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.සිදු වූ ගින්නෙන් පරිගණක , ලිපිගොනු සහ දේපළ රැසකට  හානි සිදුවී ඇති බව පොලිසිය කියයි.

ගින්නත් සමගම වහා ක්‍රියාත්මක වූ යාබද කාර්යාලයේ නිලධාරීන් ගින්න  පාලනය කිරීමට කටයුතු කර ඇති අතර දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නිලධාරීන්ට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත. ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන්ද පැමිණ පරීක්ෂණ පවත්වයි .

ගල්කිස්ස කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන වැඩ බලන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *