BREAKING NEWS
Search

ඩිෆෙන්ඩරයකින් තරුණයෙක් පැහැර ගත් හිරුණිකා චෝදනා 18කට වරදකරු වෙයි: බරපතල වැඩ සහිත වසර 3ක සිර දඬුවමක්

84

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයකු කලු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් වද හිංසා සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කෙරුණා.

ඒ අනුව චෝදනා 18 කට ඇය වැරදිකරු බවයි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා කියා සිටියේ.

අමිල ප්‍රියංකර අමරසිංහ නමැති තරුණයෙකු රැකවලුන් යොදවා පැහැරගෙන ගොස් තිබූ අතර ඊට අනුබලදීමේ චෝදනාව යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු විත්තිකරුවන් 9 දෙනෙකුට නීතිපතිවරයා විසින් චෝදනා ගෙනුකර තිබුණා.

හිරුණිකාගේ රැකවලුන් ඔවුන්ට එරෙහිව නගා තිබූ චෝදනාවන්ට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම නිසා වසර 12 ක අත්හිටවූ සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා පැහැරගැනීමට ලක්වූ තරුණයාට රුපියල් දෙලක්ෂ අසූ පන්දහසක දඩයක් නියම කිරිමටයි නියෝග කළේ.

Source : Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *