BREAKING NEWS
Search

වාහනේ යනවා නම් මේ ලියකියවිලි මීට පස්සේ අනිවාර්යයි. සියලුම රියදුරන්ට පොලිසියෙන් දැනුවත් කිරීමක්

452
පොලිසිය විසින් සියලුම රියදුරන්ට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මාර්ගයේ ගමන් විට අවශ්‍ය බලපත්‍ර සහ ලියකියවිලි රැගෙන යන ලෙසයි එහි සඳහන් වන්නේ.

ඒ අනුව රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය, වාහන රක්ෂණය, විමෝචන සහතිකය රියදුරන් රැගෙන යා යුතු ලේඛනයක් ලෙස දක්වා තිබෙනවා.

එමෙන්ම බර වාහන සඳහා වාහනයට අදාළ යෝග්‍යතා සහතිකයක් අවශ්‍ය වන බවයි එහි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගයේ ගමන් කිරීමට පෙර එම ලියකියවිලි තිබේදැයි පරීක්ෂා කර බලන ලෙසයි.

May be an image of text that says 'ศนศี වාහනයක්පදවත පදවත ඔබ සතුව තබාගනයුතු ලියකියවිලි පිලිබඳව ඔබ දැනුවන්ද? රියදුරුගේ වලංගු රියදුරු බලපත්‍රය වාහනයට අදාල ආදායම් බලපත්‍රය වාහනයට අදාල රක්ෂණ සහතිකය 'වාහනයට අදාල වායු වීමෝවන සහතිකය බර වාහනයක් නම්: වාහනයට අදාල යෝග්‍යතා සහතිකය අවශ්‍ය වේ Electric/ hybrid වාහන වලට වායු වීමෝවන සහතිකය අවශ්‍ය නොවේ ආදායම් බලපත්‍රයේ පිටපතක් වාහනයේ ඉදිරිපස ප්‍රදර්ශනය කල යුතුය. වාහන ලියාපදිංචි කිරීමේ සහතිකය වාහන නැවත විකිණීමේදී, ආදායම් බලපත්‍රය ලබා ැනිමේදී ද වැදගත් වන නමුත් එය වාහන තුල තබා ගත යුතු යැයි නීතියෙන් නියම නොකෙරේ. Follow Us I SRI LANKA POLICE of@!'




Leave a Reply

Your email address will not be published. Required fields are marked *