BREAKING NEWS
Search

ආදරයට බාධා කළැයි අවුරුදු 17 කොල්ලයි කෙල්ලයි දිය ඇල්ලකින් පැනලා – කතාවේ රසබරම කොටස දැනගන්න සම්පුර්ණ විස්තරය බලන්න

407

ආදර සම්බන්ධතාවට මවුපියන් අකැමැති වුණැයි බාල වයස්කාර පෙම් යුවළක් රම්බොඩ ගැරඬිඇල්ල දිය ඇල්ලෙන්   පහළට පැනීමෙන් තුවාල ලබා ගම්පොළ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි.

මෙසේ දිය ඇල්ලෙන් පැන ඇත්තේ පුස්සැල්ලාව රොච්චයිල්ඩ් වත්ත පදිංචි දරුවකු හා පෙරට්ඨාසි මේමලේ කොටසේ පදිංචි දැරියක බව පොලිසිය කියයි.

17 වැනි වියේ පසුවන මේ දෙදෙනාගේ ආදර සම්බන්ධතාවට දැරියගේ නිවෙසින් දැඩි විරෝධයක් එල්ල වී ඇති  බව ප්‍රකාශ කර ඇතැයි කියයි.

මොවුන් අලුයමදී රම්බොඩ ගැරඬි ඇල්ල ප්‍රදේශයට ගොස් එම දිය ඇල්ලේ ඉහළට පියමංකර එහිද කාලය ගත කර මෙසේ දිය ඇල්ලෙන් පහළට පැන ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.

දිය ඇල්ලෙන් පහළට පැන්න ද තරුණයා ජීවිතක්ෂයට පත් නොවී තුවාල පමණක් සිදුව තිබු නිසා ඔහු දිය ඇල්ලෙන් ඉතා අපහසුවෙන් ඉහළට පැමිණ අවට ප්‍රදේශවාසීන්ට සිද්ධිය පවසා තිබේ.

ප්‍රදේශවාසීන් දිය ඇල්ලෙන් පහළට බැස තරුණිය සොයාගෙන ඇති අතර බරපතළ තුවාල ලබා සිටි ඇය ගොඩට ගෙන දෙදෙනාම මෙසේ රෝහල් ගත කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *