BREAKING NEWS
Search

සිඟිත්තා පස්කන්දට යටවේ

219

කෑගල්ල මංගලගම කුරුඳිය වළහේන ගමෙහි නිවෙසක් අසල වූ කඩා වැටුණු පස් කන්දකට යටවී වයස අවුරුදු තුනහමාරක සිඟිත්තකු මිය ගියේය.

මෙසේ මියගොස් ඇත්තේ කවිඳු ෂෙහන්ත නමැති දරුවෙකි.

නිවසෙහි පිටුපස ආරක්ෂිත පැතිබැම්මක් නිර්මාණය කිරීමට අද උදෑසන සිට ඉවුරක් කපා තිබූ අතර මිය ගිය දරුවා එම ස්ථානයේ සෙල්ලම් කරමින් සිටියදී ඔහුගේ සිරුර මතට පස් කන්ද වැටී ඇතැයි ද පොලිසිය කියයි.

අසල්වාසීන්ගේ සහායෙන්  දරුවා ගොඩට ගෙන කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරා ඇතත්  දරුවා මියගොස් ඇති බව වාර්තාවේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *