දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම නිසා තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පහළට පනිනවාත් සමඟ ධාවනය වෙමින් තිබූ වාහනය ගැටුණු මෙම තරුණයා බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි අතුරුගිරිය පොලිසිය පවසන්නේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අතුරුගිරිය, වල්ගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.
ඔහු අධිවේගී මාර්ගයට පැන්නාද නැතහොත් කිසියම් අයෙක් පාලම මත සිට එම තරුණයා තල්ලු කරාද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති අතර අතුරිගිරිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



















