BREAKING NEWS
Search

කොරෝනා බෙහෙතෙන් චීනය ගැරිල්ල අරඹයි: 30%කින් මිල වැඩි කරයි

119

කොරෝනා එන්නත් නිෂ්පාදනය සදහා චීනයෙන් ගෙන්වන අමුද්‍රව්‍යවල මිල ඉහළ දැමීම හේතුවෙන් කොරෝනා පාලනයට යොදාගන්නා ඖෂධ නිෂ්පාදනයට බාධා පැමිණ ඇතැයි වාර්තා වේ.

කොරෝනා එන්නත් නිෂ්පාදනයට යොදා ගැනෙන අයිවර්මෙක්ටින් මිල සියයට 300කින් ඉහළ නැංවීමට චීනය පියවර ගෙන ඇති අතර එරිත්‍රොමයිසින් මිල සියයට 30ත් 40 ත් අතර ප්‍රමාණයකින්ද ඉහළ දමා ඇති බව වාර්තා වේ.

මේ අනුව පැරසිටමෝල් නිෂ්පාදනයට පවා බාධා මතුව ඇති බවත් එම තත්වය හේතුවෙන් ඖෂධ මිල ඉහළයාම සිදුවනු ඇති බවත් සදහන් වේ.

ඉන්දීය ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ අශෝක් මදන් සදහන් කරන්නේ මෙම අමුද්‍රව්‍ය රැසක මිල පසුගිය කාලසීමාවේදී අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ලෝකයේ ප්‍රධානතම ඖෂධ නිෂ්පාදකයා වන ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඖෂධ ගණනාවක් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සදහා යොදාගැනේ.

ඉන්දියාව එම ඖෂධ නිෂ්පාදනය කිරීමේදී චීනයෙන් ගෙන්වන අමුද්‍රව්‍ය බහුලව භාවිතා කරයි.

Mawratanews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *