BREAKING NEWS
Search

ජනප්‍රිය නිළියක් හදිසි අනතුරකින් දිවි සැරිය නිම කරයි…

5329
 කන්නඩ සහ තෙලිඟු නිර්මාණවලට කැමති ඔබට ඇය නුපුරුදු චරිතයක් නොවෙයි.

ඇය නමින් පවිත්‍රා ජයරාම්.මේ ඇය ගැන ඇසෙන ශෝචනීය පුවත.

ජනප්‍රිය නළියක වන පවිත්‍රා ජයරාම් හදිසි අනතුරක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.ඒ රිය අනතුරක් හේතුවෙන්.

සිය පවුලේ සමාජිකයින් සම ගමන් කරමින් සිටියදියි තෙලඟනා ප්‍රදේශයේදීයි මෙම අනතුරට මුහුන පා තිබෙන්නේ.

ඇය ගමන්ගත් මෝටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකි වීම නිසා බස් රථයක ගැටී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුර සිදු වුණ ස්ථානයේදීම ඇය මිය ගොස් තිබෙන අතර මෝටර් රථයේ සිටි තවත් කිහිප දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

ඇය තෙළිඟු රූපවාහිනී කතාවක් වන “Trinayani” කතාංගයේ තිලෝත්තමාගේ චරිතය නිරූපණය කිරීම හරහා ඇය ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.

ඇය ‘Ninne Pelladatha’ චිත්‍රපටිය ඔස්සේ රංගනය පිවිස ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් ඇයගේ වියෝව සම්බන්ධයෙන් ජනප්‍රිය නළු Sameeip Acharyaa සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි දක්වා තිබුණේ මෙවන් අදහසක්.

“ඔබ දැන් නැති බව දැනගත් විට එය මට කිසිවිටෙකත් අදහාගත නොහැකි විය.. තිරයේ මගේ පළමු මව, ඔබ සැමවිටම මට විශේෂ වනු ඇත. ඔබට සුබ ගමන්”

Trinayani' actress Pavitra Jayaram dies in car crash : The Tribune India




Leave a Reply

Your email address will not be published. Required fields are marked *