BREAKING NEWS
Search

හොඳට හිටපු එයාට එක පාරටම මේ මොකද වුණේ – රසිකයින් කම්පා කළ උර්ෆිගේ ඡායාරූපය පසුපස සැගවුණු කතාව

826

උර්ෆි ජාවෙඩ් කියන්නෙ කොහොමත් පුවත් මවන චරිතයක්.

ඈ කරන විලාසිතා නිසාවෙනුයි එලෙස නිතර පුවත් මැවෙන්නෙ.

බොහෝදුරට සරාගී බව ඉස්මතු වන ආකාරයට ඈ තෝරාගන්නා විලාසිතා සාමාන්‍ය ගමනකට නම් කොහෙත්ම සුදුසු ඒවා නෙවෙයි.

නමුත් උර්ෆි සාමාන්‍ය තත්ත්වයෙන් පසුවනවා යැයි අපිට හැඟෙන්නේ, ”ඈ අසාමාන්‍ය විලාසිතාවකින් සැරසුණාම”

මේ පාර ඇය සමාජ මාධ්‍ය කැළඹුවේ කොණ්ඩා මෝස්තරයකින්.

ඇත්තම කතාව ඒක මෝස්තරයක්ම නෙවෙයි, උර්ෆි මෙදා සැරේ සම්පූර්ණයෙන්ම තට්ටය ගාලා !!

 

 

මේ සෙල්ෆිය සමාජ මාධ්‍යයේ ලොකු කතාබහක් ඇති කරලා මේ වෙද්දි.

ඇය සැබවින්ම හිස මුඩු කරලාද නැත්නම් මේක දෘශ්‍ය ප්‍රයෝගයක් ද කියලා රසික රසිකාවියන් ඉන්නෙ කුතුහලයක.

බැලූ බැල්මට නම් පේන්නෙ දෝෂ සහිතව කළ ඡායාරූප සංස්කරණයක් වන බව.

ඒවා කොහොම වුණත් මෙදා සැරෙත් සුපුරුදු පරිදි සමාජ ජාලා කළඹන්න උර්ෆි සමත් වෙලා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *