BREAKING NEWS
Search

සා.පෙළ. ට ගිය සිසුවියන් දෙදෙනා අතුරුදන්?

188

අපොස සමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිම  විභාග මධ්‍යස්ථානයට පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් දෙදෙනාගේ භාරකරුවන් පැමිණිල්ලක් කර ඇතැයි ගිනිගත්හේන පොලිසිය කියයි.

මෙම සිසුවියන් දෙදෙනා ඊයේ  (14) උදෑසන විභාගයට පෙනි සිටිම සදහා විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවත්, ඉන් එක් සිසුවියක් දෙමව්පියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවද පැමිණිල්ලේ සදහන් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවත්, සිසුවියන් දෙදෙනා එදින විභාගය ආරම්භ කිරිමට ප්‍රථම විභාග මධ්‍යස්ථානය අසල කතා කරමින් සිට ඇති බවත් විභාගයට පෙනි සිටි සිසු සිසුවියන් කිහිපදෙනෙකු දැක තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *