BREAKING NEWS
Search

චීනයම හොල්ලපු ලංකාවේ මල් විකුණන මල්ලීගේ සැගවුණු කතාව එලියට

249
ලංකාව ලොව සංචාරක කර්මාන්තයේ ඉහළ තැනක් දිනා ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය හේතුවෙන් පමණක්ම නොවේ.

මෙරට කඳුතර තරුණයෙකුගේ උත්සාහවත් කැපවීමක් සම්බන්ධයෙන් මේ දිනවල චීනයේ ප්‍රචලිතව ඇති වීඩියෝවක් ඒ පිළිබඳව වෙනත් මානයක් ලොවට කියාපානවා.

“ලංකාවේ මල් විකුණන මල්ලි“ නමින් වීඩියෝවක් චීනය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වූවා.

මෙම වීඩියෝව මේ වන විට චීනයේ සියලුම සමාජ මාධ්‍ය ආවරණය කරමින් නැරඹුම්වාර කෝටි 13ක් ඉක්මවා තිබෙනවා.

ඒ එහි සිටින තරුණයාගෙන් ඉස්මතුවන අවංක සිනහව ,ජීවිතය ජය ගැනීමට දරන උත්සහය මෙන්ම කෘතවේදීභාවයත් හේතුවෙන්.

හිරු ප්‍රවෘත්ති කණ්ඩායමක් චීන හදවත් කෝටි ගණනක් ස්පර්ශ කළ මේ වීඩියෝවේ සිටින තරුණයා සොයා ගියා.

කොත්මලේ ජීවත් වන දිලිප් පවුලේ තුන්වැනියායි.

මව් සෙනෙහස කුඩා කාලයේදීම දිලිප්ට අහිමි වන්නේ පවුලේ බර ඔහු කරමත තබමින්.

ඒ අනුව පාසැල් ගමනට සමුදෙන දිලිප් සිය ජීවනෝපාය ලෙස නුවරඑළිය ගම්පොළ පාරේ යන එන සංචාරකයින්ට මල් විකිණීම තෝරා ගන්නවා.

චීනය පුරා හදවත් දිනාගත් දිලිප්ට ඔවුන්ගේ ආදරය චිත්‍රයට නගමින්ද පෙන්වා තිබුණා.

ළඟදීම දිලිප්ව බැලීමටම චීන විශේෂ සංචාරකයින් පිරිසක් පැමිණීමට නියමිත බවත් එහි ගිය අපට දැන ගන්නට ලැබුණා.

කෙසේවෙතත් කෝටි ගණනක් චීන වැසියන් මල් කුමාරයා ලෙස හඳුන්වන දිලිප් මදුශංකගේ ජීවිත කථාව ඔහු විකුණන මල් තරම් ලස්සන නැහැ.

රටට ඩොලරයක් හෝ උපයා දීමට වෙහෙසෙන මෙවැනි තරුණයන්ගේ ජීවන අරගලයට ශ්‍රී ලාංකික අපද අතහිත දෙමින් ඇගයීමට ලක්කල යුතු නොවේද?




Leave a Reply

Your email address will not be published. Required fields are marked *