BREAKING NEWS
Search

ව්‍යාපාරිකයා ඔහුගේම මෝටර් රියට යටවී අවාසනාවන්ත ලෙස ජීවිතක්‍ෂයට

244

බියගම සියඹලාපේ ගලහිටියාවේ ව්‍යාපාරිකයකු තමාගේම මෝටර් රථයට යටවීමෙන්  මරණයට පත්ව ඇති බව සපුගස්කන්ද පොලිසිය පවසයි .

මෙසේ මරණයට පත්ව ඇත්තේ සියඹලාපේ දකුණ ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වූ ගීතරත්නගේ සුදත් විජේන්ද (57) නැමැති තිදරැ පියෙකි.

මියගිය ව්‍යාපාරිකයාට අයත් සුඛෝපභෝගී  ජීප් රථය තමා විසින් පදවාගෙන විත් තම නිවස ඉදිරිපිට බෑවුම් ප්‍රදේශයක නවතා රථය පණගන්වා තිබියදී අත් තිරිංග බුරුල්වී ඉදිරියට ධාවනය වූ රථයට යටවී එම ව්‍යාපාරිකයා මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

අනතුරට ලක්වූ පුද්ගලයා රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් ඇතැයි පොලීසිය කියයි .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *