BREAKING NEWS
Search

පෙම්වතියගේ නිවසට ගිය සුසිතට මොකද වුණේ…? 22 වනදා සිට අතුරුදහන්

264
පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් අතුරුදන්වීමේ පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුසිත ජයවංශ නැමති තරුණයෙක්.

පසුගිය 22 වනදා ඔහු සිය වෙළෙඳසැලෙහි සේවකයෙක් සමඟ කුලියාපිටිය වස්සාවුල්ල ප්‍රදේශයේපෙම්වතියගේ නිවසට ගොස් ඇති අතර ඔහු පිළිබදව මේ වන තෙක් කිසිඳු තොරතුරක් නොමැති බවයි නිවැසියන් පවසන්නේ.

මෙම සිද්ධිය පිළිබඳව කුලියාපිටිය පොලීසිය විමර්ශන මෙහෙයවන අතර ඊට අදාළ සැක සහිත මෝටර් රථයක්ද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *