BREAKING NEWS
Search

විදුලි ඉංජිනේරුවා ඝාතනයේ ඝාතකයා වසර 35කට පසු හසුවූ හැටි

135

අධිකරණය හමුවේ මරණ දඬුවම නියමවී වසර 35 ක් සැඟව සිටි පුද්ගලයෙකු පූගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් (18) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙනි.

සැකකරු 68 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු සිය අනන්‍යතාව හඳුනාගත නොහැකි පරිදි ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න සහතියකයද වෙනස් කර සිටි බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබූ මෙම ප්‍රධාන සැකකරුගේ බිරිඳව ද සැඟව සිටියදී පසුගිය පෙබරවාරි 9 වනදා අත්අඩංගුවට පත්වුණි.

අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *