BREAKING NEWS
Search

පාලිත මමත් එනවා උඹ ළගට– පාලිත තෙවරප්පෙරුමට අවසන් ගෞරවය දක්වන්න ආ මර්වින් සංවේදී වෙයි

279

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද (19) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, පවුලේ සුසාන භූමියේ දීයි.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ නිසළ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වෙනවා.

ඊයේ (18) හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කල්‍යාන මිතුරෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා ද පැමිණ සිටියා.

ඉන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත ද අදහස් පළ කළා.

“අපි දෙන්නා එක පවුලේ දෙන්නෙක් වගේ එකට හිටියේ. මං තනි කරලා මෙයා ගියා. මට කියන්න තියෙන්නේ, පාලිත අපි ලොකු වැඩක් කරන්න කතා කරගෙන හිටියේ. උඹ මචන් මාව දාලා ගියා. මමත් ළඟදී උඹව හොයාගෙන එනවා. එතකම් කොහෙවත් නවාතැන් ගන්නේ නැතිව, පාවෙමින් මේ භවයේ ඉන්න. උඹ පරක්කු වැඩි නම් කියපන් මාරයාට මර්වින් සිල්වා ව ඉක්මනින් ගෙනත් දෙන්න කියලා. අපි දෙන්නා විතරයි සොහොන් කොත් දෙකක් හදලා තියෙන්නේ. එකක් මම කනත්තේ. එකක් මෙතුමාගේ වත්තේ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *