BREAKING NEWS
Search

එදා සාරංග එන්න පරක්කු වුනා – මම බබාට කිව්වා තාත්තිගේ නම කිව්වොත් අපි දුවලා යමු කියලා– සාරංගගේ සම්මානය සාරන්‍යා ගත්ත හැටි දිනක්ෂි කියයි

266

කලා ලෝකය තුළ ආදරණීය ආකර්ෂණීය කලා පවුලක් තමයි සාරංග දිනක්ෂි කලා පවුල කියන්නේ.මේ පවුලේ අක්කලා නංගිලා හැමෝම කලාවත් එක්ක සම්බන්ධ වෙච්ච කට්ටිය.එනිසාම ක්ෂේත්‍රය පුරාවටම ඒ හැමෝම ප්‍රසිද්ධ චරිත බවට පත්වුණා.

සාරංග සහ දිනක්ෂි සම්බන්ධයෙන් නැවත වතාවක් ආයේ කතා කරන්න පටන් ගත්තේ පසුගිය දවසක විසි වැනි වතාවටත් පවත්වනු ලැබූ රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ 2023 සම්මාන උළෙලේ ජනප්‍රියතම නළුවා කියන කැටගරිය යටතේ සම්මානය සාරංග දිනා ගැනීමත් සමඟයි.

ඉතින් විශේෂත්වය කියන්නේ එදා හිරු ස්ටාර් වැඩසටහනේ නිවේදන කටයුතු වලට සහභාගි වූ සාරංගට ඒ මොහොතේ සම්මානය ගන්න හරිම වෙලාවට එන්න බැරි වුණා.ඒ වෙලාවෙත් ඔහු එමින් ගමන් තමයි හිටියේ.නමුත් ඒ වෙනුවට සම්මානෙ ගන්න වේදිකාවට නැග්ගේ සාරංගගේ ආදරණීය බිරිඳ දිනක්ෂි සහ පුංචි දුව සාරන්යා.ඒ සිදුවීම සමාජවාදී පුරාවටම කැපී පෙනුණු ආදරණීය සිදුවීමක් වුණා.ඒ සම්බන්ධයෙන් දිනක්ෂි සති අග පුවත්පතකට කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“එදා සාරංග එතැනට එන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා. කොයිකටත් කියලා මම එදා බබාට කියලා තිබුණේ හදිසියෙන් හරි දැන් අර ආන්ටි තාත්තිගේ නම කිව්වොත් අපි දුවලා දුවලා යමු කියලා. එයා ඒක මතක තියාගෙනම ඉඳලා. සාරංගගේ නම කියපු ගමන් දුවන්න ගත්තා. ඒ වෙලාවට මම එයාව පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගෙන ඉන්නකොට සාරංගගේ නම ජනප්‍රියම නළුවා ලෙස කිව්වා. ඒ වෙලාවේ අපි දෙන්නා එක සැරේටම දුවන්න පටන් ගත්තා. ඒ මොහොත හරිම ලස්සන සුන්දර මොහොතක් වුණා. ඒ වගේම ඒ මොහොත අපි දෙන්නට වැඩිය සාරංගට අමතක නොවන මොහොතක් කියලයි මට හිතුණේ.”

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *