BREAKING NEWS
Search

පියවරුන්ට සුබ ආරංචියක්

402

දරු ප්‍රසූතියේ දී පියවරුන්ට ප්‍රසූතාගාරය තුළ සිටීමට අවස්ථාව ලබා දීමට කාසල් වීදියේ කාන්තා රෝහල නව වැඩපිළිවෙළක් සකස් කර ඇත.

මෙම වැඩපිළිවෙල දියත් කළ ප්‍රථම රජයේ රෝහල මෙය වන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා කියා සිටියේ ය.

එහි මාතෘ වාට්ටුවේ සෑම මවකටම වෙන වෙනම කාමර සකස් කර ඇති අතර ඒ අනුව දරු ප්‍රසූතියේ දී සැමියාට තමා සමඟ සිටීමට අවස්ථාව සැලසෙයි.

ඒ තුළින් මවට යහපත් මානසික තත්ත්වයකින් දරුවා ප්‍රසූත කිරීමට හැකි වන බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, මෙම වැඩසටහන තුළින් මවගේ වේදනාව දෙදෙනා අතර බෙදාහදා ගැනීමට හැකිවන බවත්, අඹුසැමි සබඳතා මෙන්ම දෙමාපිය දූදරු සබඳතාව වඩාත් ශක්තිමත් වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *