BREAKING NEWS
Search

රජයේ සේවය කරන අයට අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක්ද?

772

අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත පවසයි.

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලීම් ලැබී ඇති බව ඔහු ජනමාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ඇමැතිවරුන් සහ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරනු ඇති බව ඔහු සඳහන් කරයි.

කෙසේවෙතත් අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *