BREAKING NEWS
Search

මම ආදරේ කරනවා. මරණය තෙක් ඒ ආදරයත් එක්ක ජිවත් වෙනවා

484

ඔහු තවමත් තරුණ තරුණියන්ගේ සිහින කුමාරයා කිව්වොත් හරියටම හරි.ඒ තරම් ආකර්ෂණීය බවක් තවටත් මේ සුන්දර කලාකරුවාගේ රූපය තුළ තියෙනවා.දක්ෂ අධ්‍යක්ෂවරයෙක් ඒ වගේම ජනප්‍රිය නළුවෙක් විදිහට හඳුන්වන මේ සුන්දර චරිතය තමයි ඔබ අප කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පී චන්න පෙරේරා.

චන්න ගැන කතා කරද්දි ඔහු මෑතකදී ප්‍රධාන චරිතයෙන් දායක වන මොහාන්‍යාස් මහත්මයා අධ්‍යක්ෂණය කරන බඹර වසන්තය කියන චිත්‍රපටය තිරගත වීම සිදුවුණා.ඒ දේවල් එක් ආයෙමත් සැරයක් චන්න පෙරේරා ගැන කතාබහ කරන්න පටන් ගද්දී ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳවත් අනිවාර්යෙන්ම ඔහු අදහස් ඉදිරිපත් කරන්න අමතක කරන්නේ නැහැ.

චන්න පෙරේරා විවාහ වුණේ ක්ෂේත්‍රයේ තවත් දක්ෂ රංගන ශිල්පිනියක් වූ ගයාත්‍රී ඩයස් සමඟ.හැබැයි ඒ විවාහයෙන් මේ දෙදෙනාම වෙන්වෙනවා. වෙන් වෙද්දිත් ඔවුන් දෙදෙනාට ආදරණීය දියණියන් දෙදෙනකුත් ඉන්නවා.නමුත් ඒ සියලු යුතුකම් හරියාකාරව ඉටුකරමින් ජීවිතය ගත කරන චන්න පෙරේරා ළඟදි විවාහ වෙන්න අදහසක් නැද්ද කියලවත් අවස්ථාවකදී කිව්වේ මේ වගේ කතාවක්.

“තාත්තා කෙනෙක් විදිහට මගේ ජීවිත සම්පූර්ණයි කියලා මට දැනෙනවා. දුවලා දෙන්නට තාත්තෙක් විදිහට කළ යුතු සියලුම දේ නොපිරිහෙලා මම ඉටු කරනවා. ආදරය අල්ලලා තද කරලා ගැට ගහලා කොන්දේසි දාගෙන විවාහ කොළයකට සීමා වෙන්න ඕනි දෙයක් නෙවෙයි.ආදරය නිදහසේ ගලාගෙන යන්න ඕනි දෙයක්.විවාහයක් ගැන හිතයිද ඉදිරියට මොනවා වේවිද කියන්න මං දන්නෙ නැහැ. හැබැයි මම ආදරේ කරයි. ඒ කෙනා ආදරය කරන තාක් මරණය දක්වා ඒ ආදරය යාවී.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *