BREAKING NEWS
Search

මම තවමත් දේශපාලනයෙන් ඈත් වෙලා නෑ – මගේ එකම අරමුණ අපේ පක්ෂය දිනවන එක – දීපානි සිල්වා

117

ප්‍රවීණ රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රය තුළ නමක් ගොඩනගාගෙන ඉන්න ඇය නමින් දීපානි සිල්වා කලාකාරිනියයි. මේ දිනවල විකාශය වන ලලයි ලිලයි ලයි කියනටෙලි නාට්‍යයේ මිත්තණියගේ චරිතයක් හරහා තමයි ඇය ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ.

ඇය පුංචි තිරය රිදීතිරය ඒවගේම වේදිකාව කියන මේ සියලුම අංශ අතික්‍රමණය කෙරූ ප්‍රවීණ කලාකාරිනියක් වගේම දේශපාලන වේදිකාව තුළත් කැපී පෙනෙන චරිතයක් බවට පත්වුණා.ඇය හැම වෙලාවෙම කියන්නේ දේශපාලනය කිරීම තුළින් ජනතාවට සේවය කරන්න තමයි ඇය කැප වෙන්නේ කියලා.

කලාකාරිනියක් වූ පමණින්ම අය දේශපාලනය තෝරගන්නේ නෑ. ඇයගේ කැමැත්ත මත තමයි ඇය දේශපාලනයට එන්නේ.බොහෝ දෙනෙක් කියල තිබුණා ඇයි දැන් දේශපාලනයෙන් අයින් වෙලා ඉන්නවා කියලා. ඇත්තට ඒක එහෙමද කියලා අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“නැහැ. මම කිසිසේත්ම දේශපාලන වේදිකාවෙන් අෑත් වෙලා නැහැ.මම දැනටමත් දේශපාලනය කරන කෙනෙක්. අපේ පක්ෂය දිනවන්න වගේම ජයග්‍රහණය උදෙසා මම දේශපාලනය කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *