BREAKING NEWS
Search

පෙම්වතිය සමග ජංගල් බීජ් ගිය 16 හැවිරිදි සෙනුක අතුරුදන් – අතුරුදන් වූ තරුණයා ගැන ඥාතීන්ට සැකයක්

425

ඔහු දින 15ක් තිස්සේ අතුරුදන්.

ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ පදිංචි සෙනුක දේශාන් නම් සිසුවෙක් සිය පෙම්වතිය සමඟ මුහුදු වෙරළට ගොස්  ඇති අතර එහිදී ඔහු නැවතත් නිවස බලා පැමිණ තිබුණේ නැහැ.

කෙසේ වෙතත් පසුගිය මාර්තු 18 වනදා සිට අතුරුදන්ව සිටින අතර, ඔහු එදින පෙරවරුවේ සිය නිවසින් පිටව ගොස් තිබුණේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවකට සහභාගී වන බව මවට පවසමින් බවයි ඥාතීන් පොලීසියට දැනුම් දී තිබුණේ.

අතුරුදන් වූ සිසුවා 17 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ පෙම්වතිය වයස 21ක තරුණියක්.

තරුණයා අතුරුදන්වන දිනයේදී ඔහු සිය පෙම්වතිය සමග සවස් කාලයේ ගාල්ල ජංගල් බීච් වෙත ගොස් ඇයගේ උපන්දිනය සමරා ඇති බවට පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

දිගින් දිගටම පොලීසිය සිදුකළ ප්‍රශ්නකිරීම් හමුවේ අදාළ තරුණිය ප්‍රකාශ කර ඇත්තේ, ජංගල් බීච් හි රැඳී සිට ආපසු පැමිණීමට සූදානම් වෙද්දි එක්වරම පැමිණි රළ පහරකට ඔවුන් දෙදෙනා මුහුදට ඇදවැටුණු බවයි.

තමන් ඉන් බේරුණු නමුත් පෙම්වතා දියේ ගිලුණු බව ඇය පොලීසියට පවසා තිබුණා.

කෙසේවෙතත්  අවස්ථා කිහිපයකදී සිද්ධිය පිළිබඳ පොලීසියට පැමිණිළි කර ඇති සෙනුකගේ ඥාතීන් පවසන්නේ පෙම්වතිය පවසන කරුණු පිළිබඳව සැක පවතින බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *