BREAKING NEWS
Search

තායිවානයට ප්‍රබල භූමි කම්පාවක්

153

රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 7.4 ක් සටහන් කළ භූමි කම්පාවකින් තායිවානය කැලැඹිණි. තායිවානය යනු චීනය අයිතිය ඉල්ලන චීනය අසල පිහිටි වෙනම පාලනයක් සහිත රාජ්‍යයකි.

මේ අයුරින් ප්‍රබල භූමි කම්පාවකින් තායිවානය කැලැඹුණේ වසර 25 කට පසුව යැයි ද පැවැසෙයි. ගොඩනැගිලි සහ නිවාසවලට හානි සිදුවූවත්, මරණ කිසිවක් වාර්තා වී නැත. තුවාල ලැබූ ගණන 50 කි.

භූමි කම්පාව හටගත්තේ තායිවානයේ වේලාවෙන් උදේ 8 ට පමණය. භූමි කම්පාවත් සමඟ පිලිපීනය, ජපානය ඇතුළු අසල්වැසි රටවලට සුනාමි අනතුරු නිකුත් කළ නමුත් පසුව එම අනතුරු ඇගවීම් අහෝසි කෙරුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *