BREAKING NEWS
Search

දරුවන් සමග කුස ගින්නේ සිටි දෙදරු පියකු වස පානය කරලා- අවුරුද්දකට පෙර සමෘද්ධිය කපා ඉවත්කරලා

135

තිස්සමහරාම රන්මුදුගම ප්‍රදේශයේ දැඩි ආර්ථික අපහසු තා මැද ජීවත් වූ දෙදරු පියකු වසක් ශරීරගත වීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.  තම පවුලට ආහාර සපයා ගැනීමට නොහැකිව සිටි බව කියන මෙම දෙදරුපියා වස පානය කරන්නට ඇතැයි සැක කෙරේ.

තම පවුල දින කිහිපයක් වේලක් ඇර වේලක් මඤ්ඤොක්කා ආහාරයට ගත් බවත් දරුවන්ට කන්න දෙන්න විදියක් නැතුව මට ජීවත් වෙලා වැඩක් නෑ යනුවෙන් හඬමින් සිට ඇති බවත් ඔහුගේ කීය. එකවරම බිම ඇදගෙන වැටි වමන කරමින් සිටි තම සාම්පුරුෂයා වස පානය කරන්නට ඇති කියන සැකය මත  සුවසැරිය ගිලන් රථය ගෙන්වා රෝහල්ගත කිරීමට කටයුතු කර බවද ඇය සඳහන් කළේය.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා අපේ ගිය අවස්ථාවේ ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරයා එම ස්ථානයට පැමිණ සිටි බවත් නිලධාරියා එම බිරිඳගෙන් විමසා සිටියේ සමෘද්ධිය නැද්ද යන්නයි.

ඇය සඳහන් කළේ මීට වසරකට පෙර සමෘද්ධිය කපා ඉවත්කර බවයි. ඒ වෙනුවට අස්වැසුම ලබාදීමට කටයුතු කරන බවත් එම නිලධාරීන් සඳහන් කළද මෙතෙක් කිසිදු දීමනාවක් නොලැබුණු බව සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *