BREAKING NEWS
Search

වෛද්‍යවරියකට වඩා නිවේදිකාවක් නිසා තමයි ඇය මගේ ජීවිතය සමඟ අත්වැල් බැඳ ගත්තේ

447

ස්වර්ණවාහිනියෙන් විකාශය වූ නිල් අහස වගේ ටෙලි නාට්‍ය ඔස්සේ  රංගන කලාවට ආ ඔහු අති දක්ෂ රංගන ශිල්පියෙක්.ඔහු ජනප්‍රියත්වය හඹාගෙන යන රංගන ශිල්පියෙක් නෙමෙයි. ඒ නිසාම බහුතරයක් දෙනාට අද වෙද්දී මේ චරිතය අමතක වෙන්නත් පුළුවන්.

නමුත් සඳගල තැන්න ටෙලි නාට්‍යයේ ඔහු විසින් රංගනයෙන් දායකත්වය දැක්වූ ඒ චරිතය නම් ප්‍රේක්ෂකයන්ට අදටත් අමතක නැහැ.රංගනයට අමතරව ඔහු නිරන්තරයෙන්ම නිවේදනයටත් දක්ෂ කලාකරුවෙක්.ඉතින් මේ සුන්දර චරිතය නිවේදක හා නිර්මාණ අධ්‍යක්ෂක ප්‍රදීප් ධර්මදාසයි.

රඟපානවටත් වඩා අධ්‍යක්ෂණයට කැමති ඔහු අද වෙද්දී විවාහ වෙලා ආදරණීය දියණියක් සහ පුතාලා දෙන්නෙකුගේ පියෙක් වෙන්නත් වාසනාවන්ත වුණා.ඔහු විවාහ වුණේ වෛද්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරියක් සමඟ.ඒ සම්බන්ධයෙන් ප්‍රදීප් කියලා තිබ්බෙ මේ වගේ කතාවක්.

“වෛද්‍ය දිනූජා රූපසිංහ මගේ බිරිඳ වෙන්න කලින් වෛද්‍ය ශිෂ්‍යාවක්ව සිටි කාලයේ ස්වර්ණවාහිනියේ වැඩසටහන් නිවේදනය කළා. ඒ කාලේ තමයි අපේ ප්‍රේම සම්බන්ධය ආරම්භ වන්නේ. ඇය පසුව වෛද්‍යවරියක් වුණා. දැන් ඇය වෛද්‍ය වෘත්තියකරගෙන යන ගමන් ඇයගේ විශේෂ දක්ෂතාව තියෙන නිවේදන කාර්යයත් ඇයගේම යූටියුබ් නාලිකාව මඟින් සපුරා ගන්නවා. ඒ වැඩසටහන්වලට විශාල ඉල්ලුමක් සහ ප්‍රතිචාර ලැබෙනවා. බොහොම බැරෑරුම් වෛද්‍ය කාරණා වුණත් ඇය ඉතාම සරලව ඕනෑම කෙනෙකුට තේරෙන විදිහට ඉදිරිපත් කරනවා. ඇය තුළ සිටින වෛද්‍යවරියත් නිවේදිකාවත් එකවර මතු වන අවස්ථාවක් නිසා ඒ වැඩසටහන් ඉතා සාර්ථකයි. ඒ දේවල් පටිගත කිරීම්, සංස්කරණය කිරීම් සහ තාක්ෂණික කටයුතු පැත්තෙන් මගේ පූර්ණ සහාය ඇයට ලබා දෙනවා.

 

මගේ ළඟ කොහොමටත් කැමරා, ලයිට්, රූගත කිරීම්වලට අවශ්‍ය කරන හැමදෙයක්ම තියෙන නිසා අපි දෙන්නා කොවිඩ් කාලේ නිකමට වගේ මේ වැඩේ පටන් ගත්තේ. නොසිතූ විදිහට කෙටි කාලයකින් ඒක ගොඩාක් ජනප්‍රිය වුණා. දිනූජා වෛද්‍යවරියක් ද නිවේදිකාවක් ද කියලා වෙන්කර හඳුනාගන්න ඇත්තටම මටත් බැහැ. ඇය ඒ දෙකටම දක්ෂයි. වෛද්‍යවරියකට වඩා නිවේදිකාවක් නිසා තමයි ඇය මගේ ජීවිතය සමඟ අත්වැල් බැඳ ගත්තේ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *