BREAKING NEWS
Search

උන්දැලාගේ පින්තූරත් දමාපල්ලා- ලැජ්ජයි.. ජීවත්වෙලා ඉන්න මනුස්සයෙක් ඔහොම අපහසුතාවයට පත්කරන්න එපා බොලව්..

266
ගණනක් පුරා නොමද ආදරය දිනාගත් ගායකයෙක් , රංගන ශිල්පියෙක්..

කාලයක් යනකොට ඕනම කෙනෙක්ට ලෙඩ රෝග ඇතිවෙන එක අපි කාටවත් නවත්තන්න බැහැ..

ඒත් ප්‍රසිද්ධ චරිතයකට මේ වගේ දෙයක් සිද්ධ වුණොත් ඒවා සමාජයේ ඉන්න හැම කෙනෙක්ම හොය හොය කතා කතා කරනවා.. මේ කියන්නේත් මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර කතා බහට ලක්වෙන පින්තූරයක් ගැන කතාවක්..

ඇය මුළු රටක් ආදරය කරන ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා ගැන කතාවයි..

ඔහුගේ හදිසි අසනීප තත්වයෙන් සුවය ලබමින් සිටින වෙලාවක ඔහුගේ මිතුරෙක් ගත්ත ඡායාරූපයක් කවුරුන් හෝ සමාජමාධ්‍යයට එකතු කරලා තියනවා.. ඒක ගොඩක් දෙනෙක් අතර සංසරණය වෙනවා..

ඉතින් තම හිතවතා මේ වගේ අපහසුතාවට පත් කළ මිනිස්සුන්ට ඔහු පිළිතුරක් දීලා…

“ඔබ අපගේ නොමඳ ආදරයට ලක්වු ආදරණීය ප්‍රියංකර අයියා අසනීපයෙන්.. ඔහු ඉන්නා සැබෑ තත්වය ලොවට පේන්න ෂෙයාර් කරන උන්දැලාටත් කවදා හෝ දවසක එවැනි ඉරණමක් අත්වුනොත්.. උන්දැලාගේ පින්තූරත් දමාපල්ලා- ලැජ්ජයි.. ජීවත්වෙලා ඉන්න මනුස්සයෙක් ඔහොම අපහසුතාවයට පත්කරන්න එපා බොලව්..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *