BREAKING NEWS
Search

එන්නතෙන් පසු ක්ලාන්ත වී සිසුන් 10ක් රෝහලේ

198

කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතක් විසවීමෙන් සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වයස අවුරුදු 12 සහ  13 වියේ පසුවන ළමුන් පිරිසක් මෙසේ රෝහල් ගත කර ඇති බව සඳහන්වේ.

7 සහ 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන එම වයස් කාණ්ඩවල  සිසුන්ට  අද එන්නත ලබාදී ඇති අතර,  ළමුන් ක්ලාන්ත ගතිය, හුස්ම ගැනීමේ අපහසුතාව සහ බියට පත්වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *