BREAKING NEWS
Search

දෙමාපිය සෙනෙහසද අහිමි පාසල් සිසුවා රිය අනතුරින් මරුට

196

කැකිරාව ගනේවල්පොල මාර්ගයේ ඇඹුල්ගස්වැව ප්‍රෙද්ශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් වයස අවුරුදු 12ක පාසැල් සිසුවකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලීසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව බස්තියන් සිල්වා විද්‍යාලයේ 06 වැනි වසරේ ඉගෙනුම ලැබූ කුසල යුගත් සංජීව  නම් 12 වැනි වියෙහි පසුවූ පාසැල් සිසුවෙකි.

එම පවුලේ එකම දරුවා ද ඔහුය. මිය ගිය සිසුවා කැකිරාව නෙල්ලියගම ප්‍රෙද්ශයේ පදිංචිව සිටි අයෙකි.

මිය ගිය සිසුවාට කලක පටන් පිය සෙනෙහසද අහිමිව සිට ඇති අතර මව ද කලකට ඉහතදී  විදේශ ගතව ඇති අතර එම සිසුවා සිය මිත්තනිය භාරයේ සිට අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *