BREAKING NEWS
Search

මේ දවස් වල වේගයෙන් පැතිර යන තවත් වසංගතයක්. ඔබ දැනටමත් ගොදුරු වෙලාද?

319
ලෝකය විවිධ රටවල මිනිසුන් විවිධාකාරයේ වසංගතවලට මුහුන දෙනවා.

මේ අපේ රටේ පැතිර යන වසංගත රෝගයක්.

මෙරට පුද්ගලයින් අතර චර්ම රෝග තත්ත්වයක් විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අගවනවා.

ඔවුන් පවසන්නේ එම රෝගි තත්ත්වය මේ වන විට වසංගතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.

”ටීනියා” නමින් හඳුන්වන මෙම චර්ම රෝගය වයස් භේදයකින් තොරව සියලු දෙනා අතර පැතිර යෑමේ හැකියාව පවතිනවා.

සිරුරේ ඔ්නෑම ස්ථානයක එම චර්ම රෝගය ඇති විය හැකි බවයි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ඔවුන් පවසන්නේ දහඩිය වැඩි වශයෙන් රැඳෙන ස්ථාන ආශ්‍රිතව මෙන්ම හිස ආශ්‍රිතව ද මෙම රෝගය ව්‍යාප්ත වන බවයි.

රවුම් හැඩයක් ගන්නා දදයක් ආකාරයෙන් එම රෝගය සිරුර පැතිරෙන අතර, නිතර කැසීම එහි ප්‍රධානතම ලක්ෂණ බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

මෙම චර්ම රෝගය ස්පර්ශය මගින් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින අතර , එය සුරතල් සතුන් හරහා බෝ විය හැකි බවත් වෛද්‍යවරුන් පවසනවා.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මේ වන විට රටතුල ව්‍යාප්ත වන ටීනියා චර්ම රෝග ප්‍රභේදය මීට වසර 10 කට පෙර පැවති රෝගයට වඩා වෙනස් වු රෝගයක් බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *