BREAKING NEWS
Search

බස් අනතුරකින් අයෙක් මරුට – 37ක් රෝහලට

581

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බැතිමතුන් 38 දෙනෙකු රැගත් බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

එම අනතුරින් රියදුරු ඇතුළු 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් අයෙක් මියගොස් ඇත.

ඊයේ (16) සවස් කාලයේදී එම අනතුර සිදුව තිබුණේ, පේරාදෙණිය, කොබ්බෑකඩුව හන්දිය, යහලතැන්න ප්‍රදේශයේදීය.

බැතිමතුන් රැගත් බස් රථය නෙල්ලිගල සිට පූඩළුඔය දෙසට ගමන් කරමින් තිබියදී බස් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මීටර් 15ක් පමණ බෑවුමකට ලිස්සා ගොස් බස් රථය ගසක ගැටී එම අනතුර සිදුව තිබුණි.

අනතුරින් රියදුරු ඇතුළු 38 දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් තිබුණි.

මියගොස් ඇත්තේ, හාල්පොළ, පුඩළුඔය ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි අයෙකි.

තුවාලකරුවන් අතරින් බරපතළ තත්ත්වයේ සිටින දෙදෙනෙකු මහනුවර රෝහල වෙත මාරුකරු යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *