BREAKING NEWS
Search

කැනඩාවේදී හෙට අවසන් ගමන් යන ලාංකිකයන් හයදෙනා… අවසන් කටයුතු සිදුවෙන්නේ මෙහෙමයි…

456

කැනඩාවේ ඔටාවා නුවරට ආසන්න බාහීවන් ප්‍රදේශයේ දී නිවසක් තුළ ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු හෙට එරට ‍වෙලාවෙන් පස්වරු 01.00ට සිදුකිරීමට නියමිතයි.

කැනඩාවේ බෞද්ධ කටයුතු කොංග්‍රසය විසින් බහු ආගමික කටයුත්තක් ලෙස මෙම අවසන් කටයුතු සංවිධාන කර තිබේ.

එය බහු ආගමික, මහජනයා සඳහා විවෘත කටයුත්තක් ලෙස පැවැත්වෙනු ඇත.

අවසන් කටයුතු සඳහා දැනට සිද්ධියෙන් තුවාල ලබා සිටින එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ මහතා ද සහභාගීවීමට නියමිත බව වාර්තා වේ.

කැනඩා සිද්ධියෙන් මියගිය පිරිස වන්නේ,
මව – දර්ශනී බණ්ඩාරනායක – වයස අවුරුදු 35යි
ඉනූක වික්‍රමසිංහ – වයස අවුරුදු 07යි
අශ්විනී වික්‍රමසිංහ – වයස අවුරුදු 04යි
රින්යානා වික්‍රමසිංහ – වයස අවුරුදු 02යි
කෙලී වික්‍රමසිංහ – මාස 02යි

ඝාතනය වූ අනෙක් පුද්ගලයා වන්නේ ගාමිණී අමරකෝන් නම් 40 හැවිරිදි අයෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *