BREAKING NEWS
Search

මගෙ සුදු නෝනයි මායි විතරමයි දන්නෙ මේ ෆීලිං එක..!අඛිල ජීවිතයේ අලුත් පරිච්චේදයකට..

1495
මෙයාලාට මීට වඩා සතුටක් කොහෙන්ද..? ඇන්තනී පවුලට අද ගොඩක් සතුටු දවසක්..

ඒකට එක හේතුවක් තමයි අඛිලගේ  උපන්දිනය අද..

අනික් හේතුව තමයි ඇන්තනී පවුලේ පුංචිම සාමාජිකයා ඒ පවුලට එකතු වුණෙත් අද… ඉතින් ඇත්තටම අද අඛිලට සතුට උතුරා යන දවසක්..

මේ ගැන ආදරණීය සටහන් අඛිලගේ අක්කයි මල්ලියි දෙන්නාම ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිටු අතරට එකතු කරලා.. ඒ අතරින් මාධවීගේ සටහන නම් හරිම ආදරණියයි..

ඇය කියන්නේ චූටි සකී දෝණිටයි එයාටයි විතරක්ම විඳින්න ලැබුණ අත්දැකීමක් ගැන.. මේ බලන්නකෝ ඇය කියලා තියන දේ..

“මගෙ සුදු නෝනයි මායි විතරමයි දන්නෙ මේ ෆීලිං එක! ඔයා දන්නෙත් නෑ ඒක මොකද එතකොට ඔයා පුංචි වැඩියි. පස්සෙ බලද්දි ලොකු වැඩියි.
Happy Birthday ලොකු මල්ලි Akhila Dhanuddhara මේ තමයි හොඳම තෑග්ග! අප්පච්චිගෙ පිහිටයි!”

ඒත් එක්කම මේ වෙද්දී දුර රටක ජීවත් වුණත්, සජිතත් හැම මොහොතකම එයාලා එක්කමයි…

අලුතෙන් පවුලට එකතුවුණ සාමාජිකයා ගැන වගේම අයියාගේ උපන්දිනයටත් සුබ පතලා ඔහු එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්..

“මේක එසේ මෙසේ උපන්දිනයක් නෙමෙයි.එදා මෙදාතුර සමරන සුබ යන්නෙහි පරිසමාප්ත අර්ථයෙන්ම සුබ උපන්දිනය අදයි. අපේ ජීවිත වලට අලුතින් එකතු වුනු කුමාරයා අපි හැමෝගේම ජීවිත වල සුබ පරිච්ඡේදය ආරම්භ කරාවී. විප්‍රලම්භ සෝ තැවුල් දුරු වී ජීවිත සතුටින් ආදරයෙන්ම පිරේවී.
සුබම සුබ උපන්දිනයක් අයියා.
ජයම වේවා!”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *