නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්ට විරුද්ධව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත් වෙනවා.
ඒ නිලාවේලි ගෝකන්න විහාරය ඉදිකිරිම සඳහා ආණ්ඩුකාරවරයා විසින් සිදුකරන බාධා වහාම නතර කරන ලෙස ඉල්ලමින්.
ගෝකන්න විහාරය සුරැකීමේ සංවිධානය විසින් මෙම විරෝධය සංවිධානය කර තිබෙනවා.
ස්වාමීන්වහන්සේලා විශාල ප්‍රමාණයක්ද මේ සඳහා වැඩම කර සිටින අතර උන්වහන්සේලා ප්‍රධාන මාර්ගය හරස් කරමින් මාර්ගයේ වැතිර සිට මෙම විරෝධතාව දියත් කරමින් සිටිනවා.
මොරවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුජ්‍ය පොල්හේන්ගොඩ උපරතන හිමියන් ඇතුළු ගිහි පැවදි පිරිසක් මේ සඳහා එක්ව සිටිනවා.
ඒ වන විට දිසාපති කාර්යාලයේ පැවැත්විමට තිබු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමද මෙම බාධා කිරිම් මධ්‍යයේ පැවැත්වු අතර එම කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතා දිසාපති කාර්යාලයට යැමට නොහැකි නිසා ආපසු හැරි වෙනත් මගකින් ගිය අතර එම කමිටුවේ අනෙක් සම සභාපති වන ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා රැස්විමට සහභාගී වී තිබෙනවා.
sinhala.asianmirror.lk
පොහොට්ටුවේ ඉතිහාසය ගැන කතාකරන්න සජීවී විවාදයකට එන්න- ලන්සාගෙන් පොහොට්ටු මහ ලේකම්ට අභියෝගයක්
පොදුජන පෙරමුණේ ඉතිහාසය ගැන කතාකිරීම සඳහා හැකිනම් ඕනෑම විවාදයකට එන්නැයි නව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා අභියෝග කරයි.
එය ඕනෑම නාලිකාව සජීවිව පැවැත්වීමට තමන් සුදානම් බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.
පොහොට්ටුවේ මහ ලේකම් සහ පත්කළ මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නව සන්ධානය පිළිබඳව සිදුකරන විවිධ ප්‍රකාශ සඳහා පිළිතුරු නොදෙන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විවිධ පාර්ශවයන් ලන්සා මහතාගෙන් සිදුකල විමසීමට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
පොහොට්ටුව නිර්මාණය කිරීමේ සැබෑ ඉතිහාසය තමන් එහිදී හෙළිකරන බවද ලන්සා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
එසේ නොමැතිව කිසිදු දේශපාලන හය හතරක් නොතේරෙන පුද්ගලයින්ට පොහොට්ටුවේ ඉතිහාසය ගැන කතාකිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවද නිමල් ලන්සා මහතා වැඩිදුරටත් කියා සිටියා.




















