BREAKING NEWS
Search

අවුරුදු දෙකක් වයසැති දැරිය ජල ටැංකියට බිලි

180

වව්නියාව නෙලුක්කුලම් ප්‍රදේශයේදී අවුරුදු දෙකක් වයසැති දැරියක් ගෙමිදුලේ තිබූ වතුර ටැංකියකට වැටී මිය ගොස් ඇතැයි නෙලුක්කුලම් පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ නෙලුක්කුලම් ප්‍රදේශයේ පදිංචි දෙහැවිරිදි එල්. දිව්‍යා නැමති දැරියකි

දැරිය ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටින අතර තුරදී මෙලෙස වතුර ටංකියට වැටී මිය ගොස් ඇති බවට පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

නිවසැයින් නිවසතුල සිටින අවස්ථාවේදී දැරිය ගෙමිදුලේ සෙල්ලම් කරමින්සිටියදී දැරිය වතුර ටැංකියට වැටී ඇති අතර  අවස්ථාවේදී ටංකියේ වතුර පුරවා තිබීම හේතුවෙන් දැරිය දියේ ගිලී ඇත.

නිවැසියන් දැරිය නොමැතිවීමෙන් සොයා බැලීමේදී දැරිය වතුර ටැංකිය තුලට වැටී සිට දැක ඇති අතර රෝහලට ගෙන ගියත් ඒ් වන විටත් දැරිය මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.

 

කටුනායක – කොළඹ සුඛෝපභෝගී බස් වර්ජනයක්

(ටී.කේ.ජී.කපිල )

මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ – කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගී රථ උදෑසන වර්ජනයක් ආරම්භ  කර  තිබේ.

මේ නිසා කටුනායක තොටුපොළ , කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ කටුනායක ගුවන් භාණ්ඩ ගැල් ගම්මානය පැමිණෙන මගීන්ට දැඩි බලපෑම් එල්ල වී තිබේ .

මීට වසර 06 කට පමණ විසදා අවසන් කර තිබූ මාර්ග ගැටලුවක් වැරදි තොරතුරු ඉදිරිපත් කර යළි මතු කිරීම නිසා ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම වර්ජනය ආරම්භ කර ඇත.

අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හමු වී මේ පිළිබදව  සාකච්ඡා කිරීමට  බවත්ය. යම් හෙයකින් මෙම සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (28) සවස සිට මාර්ග අංක 265 මිනුවන්ගොඩ – කොළඹ , මාර්ග අංක 187 කටුනායක – කොළඹ සාමාන්‍ය බස් රථ , මාර්ග අංක 240 මීගමුව – කොළඹ සාමාන්‍ය බස් රථ , මාර්ග අංක 187 ජා – ඇළ – කොළඹ සහ රද්දොළුගම – කොළඹ බස් රථ ද මෙම වර්ජනයට එක් වීමට නියමිත  ලංකා පුද්ගලික බස් හිමියන්ගේ ගම්පහ දිස්ත්‍රික් සභාපති  බව ලැම්බට් මධුරගේ මහතා පැවසීය .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *