BREAKING NEWS
Search

නාවික ජැටිය කඩන්වැටී වරාය නරබන්න ආපු සිසුන් ඇතුළු 19ක් රෝහලට

984

ත්‍රිකුණාමලය නාවික හමුදා පාලමේ ජැටියේ කොටසක් කඩා වැටිමෙන් අද (22) පස්වරුවේ වරාය නැරඹිමට පැමිණි 19 දෙනෙකු තුවාල ලබා ඇතැයි වරාය පොලිසිය කියයි.

තුවාල ලැබු 15 දෙනෙකු නාවික හමුදා රෝහලටත් ⁣සෙසු සිවුදෙනා ත්‍රිකුණාමලය රෝහලෙත් ප්‍රතිකාර ලබති.

මෙම පිරිස ගල්ගමුවේ සිට සංචාරයකට මෙලෙස පැමිණ ඇති අතර තුවාල ලැබු වැඩි දෙනෙකු පාසල් සිසුන් බව වාර්තාවේ.

ජැටිය කඩා වැටි පිරිස මුහුදට වැටි ඇති අතර එම ස්ථානය එතරම් නොගැඹුරු නිසා සිදු විමට ගිය විනාශයක් වැලකි ගොස් තිබේ.

තුවාල  ලැබුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ඕනම පනතකට යෝජනාවකට විරුද්ධව අධිකරණයට යන්න පුළුවන්

ඕනෑම පනතකට යෝජනාවකට එරෙහිව ඕනෑම අයකුට  ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට කිසිම බාධාවක්  නැතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  ඊයේ( 22) පැවසීය.

කතානායකවරයා  මෙසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

විමල් වීරවංශ මහතා:

අර්ථසාධක අරමුදල ගැන නඩුවක් ගියාම මේ පාර්ලිමේන්තුවේ සම්මත වූ දෙයක් ගැන අධිකරණයේ අභියෝගයට ලක්කරන්න බැහැ කියලා ඔබතුමා කිව්වා. පනතක් සම්මත කළා නම්  ඒක වෙනම දෙයක්. යෝජනාවක් කියන්නේ යෝජනාවක්.
යෝජනාවක් මෙතන සම්මත කරගත් පමණින් අධිකරණයේදී අභියෝගයට ලක් කරන්න  නැහැයි කියන්නෙ ඇයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා

ඔය ප්‍රශ්නය මීට ඉහත අවස්ථා කීපයකදී කතා කළා. අපි නීතිමය උපදෙස් අරගෙන කටයුතු කළේ. ඒ ගැන නැවත විග්‍රහ කිරීමක් අවශ්‍ය නැහැ. තීරණය වෙනස් කිරීමට යුතුකමක් නෑ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *