BREAKING NEWS
Search

විදුලිය විසන්ධි කරන්න ගිය සේවකයෙකුට ගෙහිමියා කල අමතක නොවන සැලකිල්ල

470

අද(  21)  තලාව ජයගග ප්‍රදේශයේ  නිවසක විදුලිය ව්සන්ධි කිරිමට ගිය සේවකයන් දෙනෙකුගෙන් එක් අයෙකුට නිවසේ සිටි පුද්ගලයෙකු විසින් බලු කූඩුවේ තිබූ පිට ලෑල්ලකින් පහරදීමක් සම්බන්ධයෙන්  තලාව පොලිසියට පැමිණිල්ලක්  කර තිබෙනවා.

අද දින, කැකිරාව විදුලි අධිකාරී බලප්‍රදේශයට අයත් තලාව ජයගග ප්‍රදේශයේ  නිවසක විදුලිය ව්සන්ධි කිරීම සදහා කටයුතු කරන පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක සේවකයින් දෙදෙනෙක් මෙම නිවසේ විදුලිය විසන්ධි  කිරීම සදහා අද දහවල් කාලයේ පැමිණ ඇති අතර පසුව නිවසට පැමිණි මොවුන්,නිවසේ විදුලිය ව්සන්ධි කිරීමට අවශ්‍ය  බව පවසා ඇත. අනතුරුව මෙම නිවසේ  මව සහ පුතා විසින් මෙම නිවසේ විදුලිය  ව්සන්ධි  නොකරන ලෙසත් අද දිනයේම හිඟ විදුලි බිල ගෙවා දමන බවටත් දැනුම් දී ඇත.

එනමුත් විදුලිය විසන්ධි  කිරීමට ආ පුද්ගලයින්  පවසා ඇත්තේ, ඔවුන්ට ඉහලින් ඇවිත් තිබෙන් නියෝග නිසා  විදුලිය විසන්ධි  කිරීම අනිවාර්යෙන්ම කල යුතු බව‍යි.  ඒ අනුව ඔවුන් නිවසේ, විදුලිය  විසන්ධි කිරීමට උත්සහ දැරීමේදී, තමන්ගේ කීම නොඇසීම සම්බන්ධයෙන්  උරන වූ  නිවසේ පුද්ගලයෙකු, විසින් අසල තිබූ බලු කූඩුවේ වහලය උඩ තිබූ ලෑල්ලකින් විදුලිය විසන්ධි කිරීමට උත්සහ  දැරූ පුද්ගලයාට පහර දී ඇත.

මෙම පහර දීමේදී ලෑල්ලා කැඩී යාම නිසා මොහු තවත් මොහුට පහරදීම සදහා නිවසේ, තිබූ සවලක් රැගෙන් ඒම නිසා මොවුන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් තලාව පොලිසිය වෙත පැමිණිල්ලක්  යොමු කිරීමටත් පහර කෑමට ලක් වූ පුද්ගලයා  තලාව රෝහට ප්‍රතිකාර  ගැනීම සදහා ඇතුලත් වීමටත් කටයුතු   කර ඇත.

පසුව මෙම පුද්ගලයින් ගෙහිමි කාන්තාවටද පහර දුන් බව පවසමින්  ගෙහිමි කාන්තාවද තලාව රෝහලේ ප්‍රතිකාර ගැනීම සදහා ඇතුලත්වි තිබේ.

පහරීම සිදුකල  පුද්ගලයා මේවන විට තලාව  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පොලිසිය මේ සම්බන්ධයෙන්  වැඩිදුර  පරික්ෂණ  සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *