BREAKING NEWS
Search

කැනඩාවේදී මෙරට තරුණයෙක් මහල් නිවසකින් වැටී ජීවිතක්ෂයට

1117

කැනඩාවේ ජීවත් වූ මෙරට දෙමළ ජාතික තරුණයෙක් මහල් නිවසකින් බිමට පැන සියදිවි හානි කරගෙන තිබේ.

මෙලෙස සියඩිවි හානි කරගෙන ඇත්තේ යාපනයේ, වැල්වෙට්ටිතුරේ තිරුවිල් ප්‍රදේශයේ පදිංචි රඝුපති ආනන්ද් නමැති 31 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා කැනඩාවේ කාන්තාවක් සමග එක නිවසේ ජීවත් වී ඇති අතර පවුලේ ආරවුලක් මත මෙම තරුණයා විසින් කාන්තාව මහල් නිවාසයෙන් බිමට තල්ලු කර තිබේ.

කෙසේනමුත් කාන්තාව තල්ලු කළ අවස්ථාවේදී ඇය ඉහළ මලයේ බැල්කනියේ වැටක සිර වී ඇති අතර ඉන් අනතුරුව මෙම තරුණයාද එම නිවාස සංකීර්ණයෙන් බිමට පැන සිය දිවි හානි කරගැනීමට උත්සහ දරා තිබේ.

බිම වැටුණු ඔහුගේ මළ සිරුර මහල් නිවාසයේ මිදුලක තිබී හමු වී ඇති බවත් කැනඩා පොලීසිය විසින් මොහුගේ දේහය රැගෙන ගොස් ඇති බවත් වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අඩුම ආදායම් ලබන රට වෙයි

කුණු ආසියාවේ අඩුම ආදායම් ලබන රට ශ්‍රී ලංකාව බව Verite Research විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

පසුගිය වසර 17 තුළ ශ්‍රී ලංකාව සිය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බව එම ආයතනය පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනට ශ්‍රී ලංකාව ආදායම් ඉහළ නැංවීමේ ගිවිසුමක් ද ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත්, Verite Research සමීක්ෂණයට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආදායම් ඉලක්කවලට අදාළ වැඩසටහන් 12 න් ශ්‍රී ලංකාව සාක්ෂාත් කර ගෙන ඇත්තේ 3 ක් පමණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *