කප්පාදුවකින් තොරව විදුලිය ලබාදිය හැකියි – ඇමති කංචන
සමනල වැව විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු නතර වුවද අනෙකුත් විදුලි බලාගාරවලින් හා හදිසි විදුලිය මිලදී ගැනීම් මගින් විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
අමාත්‍යවරයා පවසන්නේ විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවත් දකුණු පළාත විදුලි සම්ප්‍රේෂණ ජාලය, මෙරට විදුලිබල පද්ධතියට එකතු කිරීමේ කටයුතු එලඹෙන ඉරිදා වනවිට අවසන් කළ හැකි බැවින් අමතරව ලබාගත යුතු විදුලිය සීමා වන බවයි.
එමෙන්ම විදුලි ඉල්ලුම අඩුවී ඇති බවට මාධ්‍ය වාර්තා කළද මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම වැඩි වී ඇති බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ පෙර පැවති දෛනික විදුලි ඉල්ලුම මෙගා වොට් පැය 45, මෙගා වොට් පැය 50කට ආසන්න අගයක් දක්වා වැඩි වී ඇති බවයි.
ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කිරීමේ ජාවාරමක්
ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කිරීමට සම්බන්ධ දෙදෙනෙකු පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මගින් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ දහවල් එක් පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මගිනුයි. ලැබුණු තොරතුරකට අනුව ඊයේ දහවල් කළ ආවේක්ෂණ රාජකාරියකින් පසු උපාය දූතයෙකු යොදවා වැටලීම සිදු කළ බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී අදාළ උපාය දූතයාට එන්නත් සහ පෙති වශයෙන් උත්තේජක ද්‍රව්‍ය රුපියල් 38000ක මුදලකට අලෙවි කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලාන දූෂණ මර්දන ඒකකය මගින් සැකකරු වත්තල පොලිස් ස්ථානයට භාරදීමෙන් පසු සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී එම තහනම් උත්තේජක නීති විරෝධීව මෙරටට ආනයනය කළ ආයතනය පිළිබඳ තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.
එම තොරතුරු මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නිලධාරීන් විසින් බොරැල්ල ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිසිය නිවේදනය කළේ මෙම තහනම් උත්තේජක මගින් ලිංගික බෙලීනතාවය පුරස්ථි ග්‍රන්ථි පිළිකා වකුගඩු සහ වෘෂණ කෝෂ වෙනස්වීම් වැනි රෝගවලට ගොදුරුවිය හැකි බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පෙන්වාදී ඇති බවයි.
ඖෂධ නියාමන අධිකාරිය මගින් අත්අඩංගුවට ගත් ජාඇල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



















