BREAKING NEWS
Search

නාගොඩ රෝහලේ ලොකු වලියක්

2348

නාගොඩ මහ රෝහලේ රෝගීන් බැලීමට පැමිණි පුද්ගලයන් පිරිසක් සහ රෝහලේ පෞද්ගලික ආරක්ෂක අංශ නිළධාරීන් පිරිසක් අතර අද පස්වරුවේ ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් පුද්ගලයන් දෙදෙනකු රෝහල් ගතකර ඇති බව රෝහල් කරයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ රෝගීන් බැලීමට පැමිණි පුද්ගලයකු සහ පෞද්ගලික ආරක්ෂක අංශ නිළධාරීයෙක් බව සදහන් වේ.

නේවාසික රෝගීයකුගේ සුවදුක් බැලීම පස් දෙනකු පමණ පැමිණ ඇති අතර, ඇතුළුවීමට යාම සම්බන්දයෙන් ඇතිවූ කතාබහක් මුල්කර ගනිමින් ප්‍රධාන දොරටුව ඉදිරිපිට ගැටුම සිදුව ඇති බව පොලිසිය කීය.

රෝගීයෙකු බැලිම සදහා පැමිණි පුද්ගලයකු අත තිබූ අවසර පත්‍රය ආරක්ෂක නිළධාරීයකු උදුරාගෙන ඇති බවත් ඉන්පසුව ඇතිවූ උණුසුම් තත්වය අතරතුර 15 දෙනකුට ආසන්න පිරිසක් අතින්, පයින්, ඉදල් වලින් සහ බට උපයෝගී කරගනිමින් ගුටිබැට හුවමාරුව සිදුව ඇති බවත් සදහන් වේ.

දෙපිරිස අතර ඇතිවූ ගුටිබැට හුවමාරුව රෝගීන් බැලිමට පැමිණි පිරිස් මෙන්ම කොළඹ මතුගම මාර්ගයේ ගමන්ගත් විශාල පිරිසක් බලාසිටි ඇති බවත් සදහන් වේ.

මුහුද නිරීක්ෂණයට අලුත් ගුවන් යානයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භාවිතය සඳහා ආදේශක ඩෝනියර්-228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් බාරදීම අද(15) සිදු කෙරිණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක පැවති උත්සවයකදී ගුවන් යානය බාර දුන්නේය.

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වාර්ෂික නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාවට පිටත් කර හැරීම නිසා ඒ වෙනුවෙන් අනුයුක්ත කරනු ලැබූ ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය මෙලෙස ලංකාවට බාර දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වසර දෙකක කාලයක් සඳහා 2022 අගෝස්තු 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බාර දී තිබිණි.

එම සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වසරක කාලයක් සක්‍රීය සේවයේ යෙදෙමින් සුවිශේෂී සේවාවක් ඉටු කරනු ලැබූ අතර එම ගුවන් යානයේ වාර්ෂික අනිවාර්ය නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාව වෙත යැවීමට කටයුතු කෙරිණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවැසූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුගිය ඉන්දීය නිල සංචාරය සමඟ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බවත් ඉදිරියේ දී දෙරට වඩා පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්ය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහත්වරු ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය:- ඩෝනියර්-228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ශ්‍රී ලංකාවට ලබාදුන් අවස්ථාව.ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහත්වරුද මෙහි සිටිති.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *