BREAKING NEWS
Search

බඹර මතින් ගිය අවමංගල්‍ය රථය දැක පොලිසියත් ගල් ගැහෙයි

576

අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ අවමංගල්‍ය රථයක් නතර කළ පොලිස් නිලධාරීන් එම රථය පොලිසියට රැගෙන ගිය පසුව එහි මළසිරුරක් තිබෙනු දැක තුෂ්නිම්භූත වූ සිද්ධියක් බොරැල්ල පොලිසියෙන් වාර්තා වේ.

බොරැල්ල පොලිසියේ නිලධාරීන් බොරැල්ල ඩී.එස්. සේනානායක හන්දියේ රථවාහන රාජකාරියේ නිරතව සිටිය දී අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ අවමංගල්‍ය රථයක් නතර කර එහි රියැදුරු බීමත්ව සිටින හෙයින් රථය පොලිසියට රැගෙන ගොස් ඇත.

අවමංගල්‍ය රථය බොරැල්ල පොලිසියට රැගෙන ගිය පසු එහි රියැදුරු රථයෙන් බැස එහි පිටුපස මළසිරුරක් තිබෙන බව නිලධාරීන්ට පවසා ඇත.

එහිදී කලබල වූ පොලිස් නිලධාරීන් මල් ශාලාවට දුරකතන ඇමතුමක් දී වෙනත් අවමංගල්‍ය රථයක් ගෙන්වා මළ සිරුර යවා බීමත් රියැදුරාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත.

එම අවමංගල්‍ය රථය කොළඹ ප්‍රසිද්ධ මල් ශාලාවකට අයත් බවත් එම අවස්ථාවේ අවමංගල්‍ය රථය පදවා ඇත්තේ එහි කළමනාකරුවකු බවත් පොලිසිය පසුව හෙළිකරගෙන ඇත.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

අදත් ලොකු වැස්සක් නෑ

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට සුළු සුළං තත්ත්වයක් ඇති විය හැකියි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *