BREAKING NEWS
Search

සැමියාගේ සහෝදරියගේ නිරුවත් ඡායාරූප වටේ යවපු නෑණාට වෙච්චි දේ

1845

තම සැමියාගේ සහෝදරියගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා වෙනත් පුද්ගලයින්ට යෑවූ බව කියන 32 හැවිරිදි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පරිගණක අපාරාධ කොට්ඨාසය මගින් මාතලේ ප්‍රදේශයේදී ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තම නිරුවත් ඡායාරූප කිසිවෙකු විසින් වට්ස්ඇප් මගින් ප්‍රසිද්ධ කර තිබෙන බවට සිද්ධියට මුහුණදුන් කාන්තාව විසින් මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකින් පසු සිදුකෙරුණු විමර්ශනවලදී අදාළ කාන්තාව පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

සැකකාර කාන්තාව සහ නෑනා කලක් මිත්‍රත්වයෙන් සිට මේ වනවිට අමනාපයෙන් පසුවන බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකාර කාන්තාව හා පැමිණිලිකාරිය යන දෙදෙනාම මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

‘මහතා’ යැයි නොකී බවට උමාරාගෙන් ප්‍රකාශයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබූ ගායන ශිල්පිනි උමාරා සිංහවංශ මහත්මිය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන් බව අතිරේක ලේකම් ධම්මික මුතුගල මහතා පුවත්පතකට පැවසුවා.

මෙම සිද්ධිය සම්න්ධයෙන් උමාරාට අමතරව ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (සංගීත) යන අයගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

නිදහස් දින සැමරුම් උත්සවවලදී ජාතික ගීය ගායනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ වරයාගේ (සංගීත) උපදෙස් මත සිදුකරනු ලබනවා.

උමාරාගේ ප්‍රකාශය මගින් තමා ජාතික ගීය ගායනා කිරීමේදී ‘මහතා’ යන වචන ප්‍රකාශ නොකළ බවත් උච්ච ස්වරයෙන් ගායනය සිදුකළ බවත් ප්‍රකාශ කර ඇත. එමෙන්ම එම ගායනය විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය වීමේදී ෆීල්ඩ්බැක්වීම (ප්‍රතිරාවය) නිසා ‘මාතා’ යන වචනය ‘මහතා’ ලෙස ප්‍රචාරය වෙන්නට ඇතැයි ඇය ප්‍රකාශ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාගේ (සංගීත) ප්‍රකාශය අනුව ජාතික ගීය මධ්‍යස්වරයෙන් ගායනා කළ යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙන බව කියයි. මේ සම්බන්ධයෙන් විමර්ශන අංශය සකස් කරන වාර්තාව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රංජිත් අසෝක මහතාට මේ සතිය ඇතුළත ලබාදෙන බව මුතුගල මහතා පැවසුවා.

අනතුරුව මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට අමාත්‍යාංශය අදහස් කරගෙන සිටිනවා.

ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ලවීමත් සමග උමාරා සිංහවංශ මහත්මිය ෆේස්බුක් ගිණුමේ සමාව ඉල්ලා සටහනක් ද යොදා තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *