BREAKING NEWS
Search

ඇඳුමට ගිනි ඇවිළී කාන්තාවක් මරුට -රිය අනතුරුවලින් 05 දෙනෙකු මරුට

155

පොල්පිතිගම නාගොල්ල ප්‍රදේශයේදී ගින්නකට හසුවීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ නිවසේ කුණූ රොඩුවලට ගිනිතබන අවස්ථාවේදී අසල තිබූ මානා ගස්වලට ගින්න ඇවිලීමෙන් පසු එය නිවාදැමීමට උත්සාහ කිරීමේදී ඇයගේ ඇඳුමට ගිනි ඇවිළී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවය.

මියගොස් ඇත්තේ 70 හැවිරිදි ගලපිටමඩ, පොල්පතිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

මෘතශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) සිදුකිරීමට නියමිතව තිබේ.

 

ප්‍රදේශ කිහිපයක රිය අනතුරුවලින් 05 දෙනෙකු මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 05 දෙනෙකු මිය ගොස් තිබේ.

ඇඹිලිපිටිය, ගලගෙදර, වාකරේ දික්වැල්ල සහ අක්කරායන්කුලම් ප්‍රදේශවල දී මෙම අනතුරු සිදුවී ඇති බව පොලීසිය වාර්තා කරයි.

ඇඹිලිපිටිය, මිද්දෙණිය මාර්ගයේ 06 කණුව අසල දී ත්‍රීරෝද රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පොළක ගැටී සිදුවූ අනතුරකින් රියදුරු මියගොස්, එහි ගමන් කළ කාන්තාවක් තුවාල ලබා තිබේ.

ගලගෙදර, කන්දකුඹුර ප්‍රදේශයේ දී කැබ්රථයක පිටුපස පුටුවක් තබා ගමන් කළ පුද්ගලයකු වංගු සහිත මාර්ගයක දී කැබ්රථයෙන් ඇද වැටී මියගොස් ඇති බව සඳහන්ය.

වාකරේ ප්‍රදේශයේ දී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක ගැටීමෙන් විසි හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති අතර, අක්කරායමන්කුලම් ප්‍රදේශයේ දී කැබ්රථයක් යතුරු පැදියක ගැටීමෙන් ද යතුරුපැදිකරු මියගොස් තිබේ.

මේ අතර, දික්වැල්ල නගරය ආසන්නයේ දී මාර්ගය හරහා ගමන් කළ 84 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් ඇති බව ද පොලීසිය වාර්තා කරයි.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *