BREAKING NEWS
Search

උපන්දින සාදයේදී ගිනිබත් වූ වවුනියා නිවසේ සිද්ධියට හේතුව අනියම් පෙමක්….? උපන්දින සාදයක් අවසානයේ සිදුවූ කදුළු කතාවට හේතුව මෙන්න

940

කතාව මීට පෙරත් අවස්ථා ගණනාවකදී අපි අහලා තියනවා..

ඒත් ඒක වුණේ කොහොමද…?

හේතුව මොකද්ද කියන සුලමුල හොයාගන්න ගොඩක් දෙනෙක්ට එක පාරටම බැරි වුණා.. කාලයත් එක්ක පොලිස් පරීක්ශණ දිගින් දිගටම සිදුවෙන අතර එහිදී දැනගන්න ලැබුණ අලුත්ම පුවත තමයි මේ..

මේ කතාවේ මහ මොලකරු වගේම ඒ ප්‍රේම සබඳතාවයක් මේ කතාවට හේතු වුණා කියලා තමයි මේ කියන්න යන්නේ… මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර මැරයින් පස්දෙනාගෙන් ලබුණු තොරතුරුවලට අනුව ප්‍රධාන සැකකරු පසුගියදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේ…

මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ද ඊයේ වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 11 වන දා දක්වා රිමාන්ඩ භාරයේ තබන ලෙස වවුනියාව අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා….

පසුව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වවුනියාව කූමාන්කුලම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්…

මෙම සැකකරු වවුනියාවේ පුද්ගලයකුගෙන් කොන්ත්‍රාත්තුවක් ගෙන තිබුණේ වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක සමග අනියම් පෙම් සබඳතාවක් පවත්වා ගෙන යන බව කියන පුද්ගලයකු ඝාතනය කිරීම සඳහායි…

නමුත් එම උත්සාහයේදී උපන්දින සාදයට සහභාගී වී සිටි පුද්ගලයා සමඟ ඔහුගේ බිරිය ද ඝාතනයට ලක්වුණා…

පොලීසිය පැවසුවේ අදාළ නිවසට ගිනි තැබීමෙන් 23 හැවිරිදි කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වු අතර, පිලිස්සුම් තුවාල ලැබු ඇයගේ සැමියා වන 35 හැවිරිදි සුගන්දන් නමැති පුද්ගලයෙකු පසුගිය 26 වන දා යාපනය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බවයි….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *