BREAKING NEWS
Search

පාර වැරදුණු දුම්රිය – මගීන් කලබලයට

267

ගම්පහ දෙස සිට කොළඹ බලා ප්‍රධාන දුම්රිය මාර්ගයේ අද (27) උදෑසන ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් එම මාර්ගයේ සිට  එකවරම  කොලොන්නාව තෙල් ගබඩාව දෙසට ඇති දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට පටන් ගැනීම හේතුවෙන් ඒ දුම්රියේ පැමිණි මගීහු මහත්සේ කලබලයට පත්වූහ.

තෙල් ගබඩාව දෙසට ඇති දුම්රිය මාර්ගයේ මද දුරක් ඉදිරියට ගමන් ගත් මෙම දුම්රිය පසුව නවත්වා නැවතත් පසුපසට ගෙන නියමිත මාර්ගයේ ධාවනය කරවනු  දැකගත හැකිවිය.

දුම්රිය දෙමටගොඩ දුම්රිය ස්ථානය දක්වාම  පසුපසට ගමන් කරවා නැවත ඉදිරියට ධාවනය කිරීමට එහි රියදුරා මෙසේ කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් අප දුම්රිය පාලන මැදිරියේ  නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන්  දුම්රියේ රියැදුරා ආරක්ෂක පියවරක් ලෙස එය
තෙල් ගබඩා මාර්ගයේ ගමන් කරවා ඇති බවයි.

එය පාලන මැදිරිය දැනුවත්ව සිදුවූවක්  බවද ඔහු සඳහන් කළේය. මේ සිද්ධිය හේතුවෙන් දුම්රිය මද වේලාවක් ප්‍රමාදවූ බව මගීහු පිරිසක් අප සමග  පැවසූහ.

වකුගඩු සැත්කම් අත්හිටුවීමේ අවදානමක්

කොළඹ ජාතික වකුගඩු රෝහල ඇතුළු දිවයිනේ වකුගඩු රෝහල්වල ඖෂධ හිඟය හේතුවෙන් ඉදිරියේදී ශල්‍යකර්ම අත්හිටුවීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

ඖෂධ හිඟය හේතුවෙන් එම රෝහල්වල වකුගඩු බද්ධකිරීමේ සැත්කම් අත්හිටුවීමේ අනතුරුහැඟවීමක් කර ඇති බවත් ඖෂධ තොග නිසි පරිදි පවත්වාගෙන නොයෑම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් හදිසි ඖෂධ මිලදී ගැනීමකට සූදානම් බවත් අලුත්ගේ මහතා කීය.

හදිසි මිලදීගැනීම්වලදී ලක්ෂ දෙකේ වෑල් එක ලක්ෂ 20 ට හෝ 30 ට මිලදීගන්න සිදුවන බව කී වෛද්‍ය අලුත්ගේ මහතා පෞද්ගලික අංශයේ සමහරු මේ වන විටත් ඒවා ගෙනත් ගබඩා කර තිබිය හැකි බව ද සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *