සෙරෙප්පු පහර කෑ අයෙක් ජීවිතක්ෂයට

241
යාපනය නගරයේ වෙළෙඳසල් හිමියකු ඊයේ (22) පාරිභෝගිකයකුට සෙරෙප්පුවකින් පහර දීමෙන් පසුව ඔහු ඒ පිළිබදව පැමිණිලි කිරීමට යාපනය පොලිස් ස්ථානයට ගොස් සිටි අවස්ථාවේදී ක්ලාන්ත වී බිම ඇද වැටීමෙන් මිය ගොස් තිබෙනවා.

යාපනයේ ගොවිපළ පාරේ පදිංචිව සිටින සෙල්වරත්නම් හරින්ද්‍රන් නමැති පුද්ගලයකු අදාළ
වෙළෙඳසල් හිමියාගෙන් ණයට උළු 2000ක් මිලට ගෙන ඇති අතර එහි මුදල් ඉල්ලූ අවස්ථාවේදී දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අවස්ථාවේදී වෙළෙඳසල් හිමියා පාරිභෝගිකයාට සෙරෙප්පුවකින් පහර දීමෙන් පසුව ඔහු ඒ ගැන පැමිණිලි කිරීමට පොලිසියට ගිය අවස්ථාවේදී ඔහු පොලිසිය තුළ ක්ලාන්ත වී ඇද වැටීම නිසා ඔහුව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මිය ගොස් ඇත්තේ.

සෙරෙප්පුවකින් පහර දුන් බව කියන ව්‍යාපාරිකයා යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *