BREAKING NEWS
Search

ලක්ෂ 75 ක් මම මෙයාට වියදම් කළා..කාර් එකත් එයා අරන් ගියා – හැංගි හැංගි වෙස් බැන්ද ජනප්‍රිය නිළියගේ කැරැට්ටුව පොලිසියට මාට්ටු

9513

ජනප්‍රිය නිළියක් සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක අද අළුයම ගුටි ඇනගෙන

ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිළියක් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් අතර අද අළුයම ඇතිවූ ආරවුලක් සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් විභාග කල බව පානදුර දකුණ පොලිසිය පවසයි.

අද අළුයම 2 ට පමණ පානදුර නගරයේ ප්‍රසිද්ධ පාසලක් අසල නිවසක් ඉදිරිපිට ආරවුල සිදුව ඇති බව පොලිසිය කීය.

අධ්‍යක්ෂක වරයා සිය මෝටර් රථයෙන් අළුයම 2 පමණ නිළිය හමුවීම සදහා ඇය රැදී සිටී පානදුර නගරයේ ප්‍රධාන පාසලක් අසල පිහිටී නිවසට පැමිණ ඇති අතර එහිදී ආරවුල සිදුව ඇති බව සදහන් වේ.

තමන්ට පහරදී මෝටර් රථයේ යතුර අධ්‍යක්ෂක වරයා ලබගත් බවට ජනප්‍රිය නිළිය සහ තවත් කාන්තාවක් විසින් පැමිණිල්ලක් කර ඇති අතර , තමාගේ ලක්ෂ හැත්තෑ පහකට ආසන්න මුදලක් ඇය වෙනුවෙන් වැයකර ඇති බවත්, අද අළුයමද ජංගම දුරකථනය සහ ලක්ෂ තුනහමා‍රක පමණ මුදලක් සහ මෝටර් රථයේ යතුරද ලබාගත් බවට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක වරයාද පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය කීය.

පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතා දෙපාර්ශවයට කරුණු අවබෝධ කරදීමෙන් පසු පැමිණිලි ඉල්ලා අස්කර ගෙන සමතයකට පත්වූ බවත් , අවවාද කර පිටත්කර යැවූ බවත් සදහන් වේ.

පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *