BREAKING NEWS
Search

අඟුරුවාතොට ඝාතනයේ සැකකරු පොලිස් දැලට කොටු වූ හැටි

1272

අගුරුවාතොට තරුණ මව සහ සිඟිති දියණිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගැනිමට අගුරුවාතොට පොලිසිය සමත්ව ඇත.

සැකකරු, ඝාතනය වූ කාන්තාවගේ සැමියාගේ ළඟම ඥාතියකු බව ද පොලිසිය පවසයි.

සැකකරු වරකාගොඩ සල්ගස් මාවත ප්‍රදේශයේ නිවසට පැමිණෙන බවට බවට පොලීසියට ලද තොරතුරක් මත අද උදෑසන හදිසියේ එම ස්ථානය වැටලීමට අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායමක් එහි ගොස් ඇත.

එහිදී නිවස තුළ අදාළ සැකකාර පුද්ගලයා හමු නොවූයෙන් පිටුපස කැලෑව හා ඒ අවට දැඩි ලෙස පරික්ෂා කිරීමේදී කෙසෙල් ගස් කිහිපයක ට මුවා වී මෙම සැකකරු සැඟ වී සිටිනු දැක ඇත.

අනතුරුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ඔහු පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර ඔහු සමග පොරබදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත .

එම අවස්ථාවේදී සැකකරුගේ අතේ තිබූ තරමක් විශාල කතුරු තලයක් වැනි උල් ආයුධයකින් ස්ථානාධිපතිවරයාට කිහිප වරක් පහර පහරදීමට උත්සාහ කර ඇතත් එය අසාර්ථක වීම නිසා ඔහු විසින්ම තමන්ගේ පපුවට කිහිප වරක් ඇන ගෙගෙන ඇත.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .

අගුරුවාතොට පොලිසිය පරීක්ෂණ පවත්වති.

මංගල එදිරිසිංහ, සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *