BREAKING NEWS
Search

ඇමෙරිකාවේ නගර දෙකක් අතුරුදන්

419

ඇමෙරිකාවේ මිසිසිපි ජනපදයට බිහිසුණු ටෝනේඩෝ සුළි සුළඟක් කඩා වැදුණු බවත් කුඩා නගර දෙකක් සුළි කුණාටුවට හසුවීමෙන් අතුරුදන් බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.

ටෝනේඩෝ සුළි කුණාටුව හේතුවෙන් මියගිය ගණන 23 දක්වා ඉහළ ගොස් තිබේ. ටෝනේඩෝව කඩා වැදී ඇත්තේ පැයට කිලෝ මීටර් 115 ක පමණ වේගයකිනි.

මුළුමනින්ම විනාශ වී ගියේ සිල්වර් සිටි සහ රෝලිං ෆෝක් යන කුඩා නගර දෙකය. මෙම නගරවල ඉතිරි වී ඇත්තේ සුන්බුන් කීපයක් පමණක් බව පැවැසෙයි.

නගර, ගොඩනැගිලි, වාහන ආදී සියල්ල ටෝනේඩෝවට ගසාගෙන ගොස් තිබේ. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ නගර තිබුණු ස්ථානය පවා සොයා ගැනීමට නොහැකි බවය.

ටෝනේඩෝ සුළි කුණාටුවෙන් ෂාර්කි, හම්ප්‍රීස් ප්‍රාන්තවලට ද හානි සිදුවී ඇත. ඊට අමතරව ඇලබාමා ජනපදයේ ප්‍රාන්ත කීපයකට ද හානි සිදුවී ඇති බව දැනගන්න ලැබේ.

විදුලිය නොමැතිව පීඩාවට පත් වුණු ගණන 75,000 කට වැඩිය.

ටෝනේඩෝවෙන් සිදුවුණු විනාශය දැක තමන් කම්පනයට පත්වුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. විපතට පත්වූවන්ට කඩිනමින් සහාය ලබා දීමට බයිඩන් උපදෙස් දී ඇතැයි ද පැවැසෙයි.

‘මිසිසිපි වැසියන් මුහුණ දුන් ව්‍යසනය දැක මා කම්පනයට පත්වුණා. පුළුවන් උපරිමයෙන් අපි උදවු කරනවා’ යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Source : ලංකාදීප




Leave a Reply

Your email address will not be published. Required fields are marked *