BREAKING NEWS
Search

යාපනයේ සිසුවෙක්ගෙන් උපන්දිනයට අමුතු සාදයක්- සාදයෙන් පසු අශෝභන ලෙස හැසිරිලා

1484

මිතුරාගේ උපන්දිනයට මත්පැන් පානය කරමින් සිටි යාපනය ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් සිව්දෙනකු යාපනය, බ්‍රවුන් වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

මාපියන්ට උපකාරක පංති යන බව පවසා මුදල්ද රැගෙන ගොස් සිසුන් සිව්දෙනා එම මුදල වලට මත්පැන් මිළදීගෙන පානය කරමින් සිටියදි අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

මත්පැන් පානය කොට අශෝභන ලෙස හැසිරෙන කණ්ඩායමක් පිළිබඳ ප්‍රදේශවාසීන් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මත සිසුන් සිව්දෙනා අත්අඩංගුවටගත් බව පැවසීය.

උපකාරක පංතිවලට සහභාගීවිම සඳහා පිටව යන බවට මාපියන් වෙත පවසා පැමිණ ඇති සිසුන්, මිතුරකුගේ උපන්දිනය සමරමින් එලෙස මත්පැන් පානය කොට ඇති බවට සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී සිසුන් පවසා ඇති බවද පොලිසිය පැවසූහ.

වයස අවුරුදු 17 ක් හා 18 ක් වන සිසුන් සිව්දෙනෙකු එලෙස මත්පැන් පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගේ මාපියන් කැඳවා සිසුන්ට දැඩිව අවවාද කොට දෙමාපියන් වෙත භාරදුන් බවද පොලිසිය පැවසීය.

Source : Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *