BREAKING NEWS
Search

අලුත් වන්නමක් නටපු කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති

1679

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු බීමතින් පාසලට පැමිණීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

නියෝජ්‍ය විදුහල්පතිවරයා පසුගිය 20 වැනි දා පස්වරුවේ මෙලෙස පැමිණ ඇති අතර, පසු ව ඔහු සිය යතුරුපැදියෙන් පිට ව යෑමට උත්සාහ කිරීමේ දී පාසල් භූමිය තුළ ම ඇද වැටී තිබෙනවා.

එදින සිංහබාහු නාට්‍යයේ දර්ශනවාර දෙකක් පාසලේ ප්‍රදර්ශනය කර ඇති අතර, අනතුරු ව පිටතට ගිය නියෝජ්‍ය විදුහල්පතිවරයා බීමතින් යළි පාසලට පැමිණ ඇති බව යි වාර්තා වන්නේ.

ඔහු යතුරපැදියෙන් ඇද වැටෙන අවස්ථාවේ දී පාසලේ දරුවන්, ආදි ශිෂ්‍යයන්, ගුරුවරුන් මෙන්ම දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් ද පාසලේ රැඳී සිට තිබෙනවා.

Source: Hirunews 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *