BREAKING NEWS
Search

කබරයෙක් බේරගන්න ගිහින් අධිවේගී මාර්ගයේදී වාහන 4කට වෙච්ච ඇබැද්දිය… අන්තිමේදි කබරයාත් මැරිලා…

135
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 4 දශම 2 ප්‍රදේශයට පැමිණ සිටි කබරයකු බේරීම සඳහා ලොරි රථයක් උත්සාහ දැරීමේ දී ඊට පසුපසින් පැමිණි මගී බස් රථයක් ඇතුළු වාහන තුනක් ඊයේ 21 සවස එකිනෙක ගැටීමෙන් සිදුවුණු අනතුරක් ගැන තොරතුරු වාර්ථා වෙනවා.
මෙම අනතුරෙන් පුද්ගලයන් තිදෙනකු සුළු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසනවා.

අනතුරින් කබරයා එම අවස්ථාවේදීම මියගිය බව පොලිසිය සඳහන් කරයි.

අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර දිශාවට තිබෙන මංතීරුවේ මියගොස් සිටි ඉත්තෑවකුගේ මළ සිරුරක් ආහාරයට ගනිමින් සිටි කබරයකු දුටු ලොරි රියදුරා එකවරම තිරිංග තද කළ ද කබරයාගේ සිරුර මතින් ලොරි රථය ධාවනය වී නතර ව ඇති අතර ඒ සමඟ ම පිටුපසින් පැමිණි වෑන් රථයේ රියදුරා දැඩි පරිශ්‍රමයක් දරා වෑන් රථය නවතාගෙන තිබූ බව පොලිස් විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

ඒ සමඟ ම එම දිශාවට ම පසුපසින් පැමිණි කොළඹ මාතර මගී පෞද්ගලික බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයක දකුණුපස බඳෙහි ගැටී ලොරිය පසුපසින් නවතා තිබූ වෑන් රථයේ ගැටීමත් සමඟ ම වෑන් රථය ඉදිරියට ඇදී ගොස් ලොරියේ පිටුපස ගැටී මෙම අනතුරු සිදුවී ඇතැයි පොලිසිය කියයි.

කුලී රථය පිටුපසින් වෑන් රථය ගැටීමත් සමඟ ම ඉදිරියට ඇදී ගිය ලොරි රථය ආරක්ෂිත වැටේ නතර වී තිබූ බව පොලිසිය කියයි. අනතුරු සමඟ ම බස් රථයේ සිටි මඟීන් තිදෙනකු සුළු තුවාල ලැබූ අතර වහා එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම සිදුකෙරිණි. අනතුරුව වෙනත් බස් රථයකින් මඟීන් පිටත් කර හැරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරින් ලොරියේ පිටුපස පෙදෙසට, වෑන් රථය ඉදිරිපස හා පසුපස පෙදෙසට, බස් රථයේ ඉදිරිපසට මෙන් ම මෝටර් රථය දකුණු පස බඳට අලාභ හානි සිදු වී ඇත. අලාභ හානියට පත් පත් සියලුම වාහන කහතුඩුව පොලිසිය වෙත රැගෙන යාමට පියවර ගෙන තියෙනවා.

Source: Hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *